Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මඩකලපුව උන්නිච්ච වැවේ දියනාමින් විනෝද වෙමින් සිටි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් මිතුරන් තිදෙනෙකු සමග මෙම තරුණයා දියනෑමට ගොස් තිබෙනවා.

ත්‍රීවීල් රථයකින් එම ස්ථානයට ගොස් ඔවුන් නාමින් සිටින අතරතුරයි සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා සූදානම් වූ අවස්ථාවෙදීයි ගැඹුරු ස්ථානයකට ඇදවැටී ඔහු මේ අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත්තේ.

ඔහු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි එන්.එම්.රියාස් නමැති 20 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයාගේ මව්පියන් විදෙස්ගතව සේවය කරන බවයි වාර්තාවුණේ.

තවද මේ තරුණයා මීට සති දෙකකට ඉහතදී මක්කම වන්දනාවේ ගොස් පැමිණ ඇති බවද සඳහන්.

හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම තරුණයාගේ සිරුර සොයාගෙන රෝහල වෙත ඇතුලත් කළත් ඒ වනවිටත් ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S