Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කුඩා දියණියන් තිදෙනාත් තමාත් අතහැර දමා තම බිරිය පවුලෙන් ඉවත්ව ගොස් ඇති බැවින් එම දියණියන් තිදෙනා රැකබලා ගැනීම සදහා බිරියගෙන් තමාට මාසික නඩත්තු මුදලක් ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් හමුදා සෙබළකු නඩුවක් පවරා තිබුණා.

මේ නඩුව සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්‍ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා එම දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 7,500ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස සැකකාර බිරියට ඊයේ (28)දා නියෝග කළේය.

බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධිකා ප්‍රියදර්ශනී නමැත්තියකට අධිකරණයෙන් මෙසේ නියෝග කර තිබෙනවා.

ආබාධිත සෙබළකු වන කුමාර මහතා නීති ආධාර කොමිසමේ නීතිඥ ඉනෝකා ආරියරත්න මහත්මිය මගින් අධිකරණයට ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි අධිකරණයෙන් මේ නියෝගය ලබා දී තිබුණේ.

පැමිණිලිකාර සෙබළා සිය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ ඔහු සැකකාරිය සමග 2007 වසරේදි විවාහ වූ බවත් දරුවන් තිදෙනකු සිටින බවත් ඉතා සතුටින් විවාහ ජීවිතය ගත කරමින් සිටියදි හදිසියේ වෙනස් වූ ඇය ඉකුත් පෙරබවාරි මාසයේදී දරුවන් හා තමා අතහැර ගිය බවත්ය.

ඇයගේ මවුපියන් ඇයට වෙනත් විවාහයක් කරදීමට සූදානමින් සිටින බවද ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට දන්වා තිබේ.


අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S