Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බක්මහට හැම අවුරුද්දෙම අවුරුදු කුමාරියෝ කලඑළි බහිනවා. ඒ වගේ කලඑළි බැස්ස අවුරුදු කුමාරියක් තමයි නිමාෂා සිරිවර්ධන කියන්නේ. ස්වාධීන රූපවාහිනි සේවයෙන් ඒ විදිහට ආ අවුරුදු කුමාරි මීට පෙර කලාවට සම්බන්ධ වුණ කෙනෙක්.

නිමාෂා වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටියට ඔබ ජනප්‍රිය වුණේ අවුරුදු කුමාරිකාවක් වුණ නිසයි… රූපය පෙන්නලා ජනප්‍රිය වෙන්න බොහෝ අය හිතනවා… ඔබත් එහෙමද…?


මම අවුරුදු කුමාරි වුණේ මගේ රූපය පෙන්නලා ජනප්‍රිය වෙන්න නම් නෙමෙයි. ඒ තරගයට මගේ අම්මා අයැදුම් කළේ මම නොදැනුවත්ව. තරගයට සහභාගී වෙන්න කියන ලියුම දැක්කට පස්සේ තමයි මම අම්මගේ කැමැත්තට ඒ තරගයට සහභාගී වුණේ.

තරගයට සහභාගී වුණේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්ද…?

නැහැ. අවුරුදු කුමාරි තේරීමේ පළමු වටයට සහභාගී වුණ දවසේ තරගකරුවෝ තුන්සියයක් විතර හිටියා. මම එදාම හිතුවා මම තේරෙන්නේ නැති වෙයි කියලා. ඒ තරගයෙන් තරගකරුවෝ 80 ක් ඊට පස්සේ තරගකරුවෝ 40 ක් වශයෙන් තෝරා ගත්තා. මම අවසන් තරගකරුවන් 15 තේරුණා. එතකොට තමයි මට සතුටු හිතුණේ. ඒත් අයිටීඑන් අවුරුදු කුමාරී වෙන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒත් ඒ වාසනාව මටම ලැබුණා.

අවුරුදු කුමාරි තව ටික කලකින් නිරූපිකාවක් විදිහට පෙනී ඉන්නවා දකින්න ලැබෙයිද..?


නිරූපීකාවක් විදිහට නම් පෙනී ඉන්න කිසිම අදහසක් නැහැ. මම තවම ඉගෙන ගන්නවා, කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ නිසා මම මගේ ජීවිතේ වැඩි කාලයක් ඒ සඳහා යොදවන්න කල්පනා කළා.

ඒ කියන්නේ ඔය රූපය ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටිවලටවත් යොදන්න අදහසක් නැහැ කියන එකද…?


රඟපානවා කියන්නේ වෙනම වෘත්තියක්. ඒ දේ ගැන හොඳ හැදැරීමක් තියෙන්න ඕන. ඒ නිසා මම දැන්ම රංගන කටයුතුවල නිරත වෙන්න අදහසක් නැහැ. බොහෝ දුරට ඉඳලා හිටලා හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් සහභාගී වෙනවා. ඒත් තවම ඒ ගැන හිතලා නැහැ.

රඟපාන්න ආරාධනා ලැබෙනවද..?


අවුරුදු කුමාරී වුණාට පස්සේ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් ඒවා මම ප්‍රතික්ෂේප කළා.

නිමාෂා දැන් ජනප්‍රිය වුණාට මීට කලින් වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටපු කෙනෙක් නේද…?


ඔව්. මම වයස අවුරුදු දහයේ ඉඳලා වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙනවා. මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් අටකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියටත් වෙළෙඳ දැන්වීම්වලට නම් මම සම්බන්ධ වෙනවා.

තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවාද…?


අවුරුදු කුමාරි වෙන්න කලින් මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටිය නිසා සමහර අය මාව අඳුරගත්තා. අර ඇඞ් එකේ ඔයා ඉන්නවා නේද කියලා අහනවා. එහෙම මතක තියෙන අය ඉන්නවා. නමුත් ඒ මතක අලුත් වුණා අවුරුදු කුමාරී වුණාට පස්සේ. තවමත් හිනා වෙලා කතා කරන අය ඉන්නවා. ප්‍රතිචාරවලත් අඩුවක් නැහැ.

නිමාෂාගේ පෙම්වතා ජනප්‍රිය නළු පුබුදු චතුරංග කියනවා. ඇත්තද..?


දන්නෝ දනිති කියලා තමයි කියන්න තියෙන්නේ.

පුබුදු චතුරංග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඔහුගේ පෙම්වතිය නිමාෂා කියලා… ඇයි ඔබ එය හංගන්නේ?


පුද්ගලික තොරතුරු බෙදා ගන්න තරම් මම ජනප්‍රිය චරිතයක් නෙමෙයිනේ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.

ඔබ කියන්නේ ඔහු පෙම්වතා නෙමෙයි කියලනේ. ඔහුගෙන් ආදරයට ඇරයුම් ලැබුණොත්…?


පුබුදු චතුරංග කියන්නේ ඉතා දක්ෂ නළුවෙක්. ඒ වගේම ගොඩක් හොඳ පුද්ගලයෙක්. මේ වෙනකල් මම පුබුදු අයියා ගැන කට කතා අහලා නැහැ. ඒ නිසා මම එයාට කැමැතියි. පුද්ගලයෙක් විදිහට අකැමැති වෙන්න හේතුවක් නැහැ.

නළුවෙක් විවාහ කරගන්නවට දෙමාපියන් කැමැති වෙයිද..?


මගේ අම්මා චන්දි සිරිවර්ධන. තාත්තා නිමල් සිරිවර්ධන. තාත්තා ඉතාලියේ ඉන්නේ. අම්මයි, තාත්තයි දෙන්නම කවදාවත් මට නිතීරීති දාලා නැහැ. මට විතරක් නෙමෙයි මගේ අක්කා ටානියා, මල්ලී නිසල්, නංගි නිසලී. මේ හැමෝටමත් නීතිදාලා හදන්නේ නැහැ. ඒ නිසා මගේ ආදරයටත් තහනම් තහංචි වැටෙන්නේ නැහැ.

පුබුදු කියන්නේ නිමාෂාගේ ප්‍රථම ප්‍රේමයලු…?


මම මීට කලින් කාටවත් ආදරේ කරලා නැහැ.

හර්ෂණී වීරරත්න

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S