Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සැකය තහවුරුවෙයි, මරණයට හේතුව හෙළිවෙයි

පහුගිය ජුනි 17 වෙනිදා මියගිය යුවලකගේ සිරුරු එක්නැළිගොඩ අමුණේ තිබිලා හමුවෙලා තියෙනවා. මේක ඝාතනයක්ද නැත්නම් සියදිවි හානිකර ගැනීමක් ද කියලා ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා.

ඔන්න දැන් මේ සිද්ධියේ තොරතුරු හෙළිවෙලා තියෙනවා.

මෙසේ හමුවුනු තරුණ යුවළගේ විස්තර මෙහෙමයි. තරුණිය කදන්ගොඩ පැත්තේ පදිංචි වයස අවුරුදු 22ක් වන දිල්රුක්ෂි සහ තරුණයා පාතගම පැත්තේ පදිංචි වයස අවුරුදු 24ක් වන ධනංජය.

දිල්රුක්ෂි පුද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් වගේම ධනංජය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවෙකු කියලයි අප වාර්තාකරු කිව්වේ.

කුරුවිට රත්නපාරේ එක්නැළිගොඩ අමුණ කියන්නේ පෙම්වතුන් වැඩිපුර යන එන තැනක්. ඉතිං පහුගිය ජූනි 17 වැනි සිකුරාදා හවස 5ට විතර මේ පෙම්වතුන් දෙන්නත් එතනට ඇවිත් තියෙනවා යතුරු පැදියකින්.

එ් වෙලාවේ පොඩි වැහිපොදයකුත් වැටිලා තියෙනවා. එක්නැළිගොඩ අමුණේ තියෙන කළුගල් පොඩ්ඩක් ලිස්සන සුළුයි.

ඉතිං මේ යුවළ එතන සැරිසරන කොට දිල්රුක්ෂි ලිස්සලා වැටිලා තියෙනවා කියලයි කුරුවිට පොලීසිය සැකපල කරන්නේ. ඒ වෙලාවේ ඇයව බේරගන්න පෙම්වතා වන ධනංජය උත්සාහ කරන කොට ඔහුත් අමුණට වැටිලා කියලයි පොලීසිය අපිට කිව්වේ.

මේ අමුණ ළගින් ගිය පුද්ගලයෙක් එක්නැළිගොඩ අමුණේ සෙරෙප්පුවක් පාවෙනවා දැකලා තියෙනවා.

ඊට පස්සේ එයා පොලීසියට මේ ගැන කියලා තියෙනවා.

ඒ අනුව තමයි කුරුවිට පොලීසිය මේ තරුණ යුවළගේ මළසිරුරු සොයාගෙන තියෙන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S