Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පණමෙන් පෙම් කළ පෙම්වතාගේ අතින්ම ගෙල සිඳගෙන පාළු පිටියක අවසන් ගමන් ගිය ගුරුවරිය

ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකගේ ගෙල කපා අදාල තරුණයාද වස පානය කිරීමේ සිද්ධියක් ගැන අම්පාර කොණ්ඩුවටුවාන පැත්තෙන් අහන්න ලැබුණා. අම්පාර පැත්තේ ඉස්කෝලෙක ගුරුවරියක්, බස් රථ සහයකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කාලයක සිට පැවති මේ ප්‍රේම සම්බන්ධතාවය මීට ටික කාලයකට ඉහතදී නතරවෙලා. පසුව අදාල ගුරුවරිය අම්පාර ප්‍රදේශයේම පාසලක ගුරුවරයෙකු සමග නැවතත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විවාහ වීමටද සූදානමින් සිට ඇති බවට අපට වාර්තා වුණා. කෙසේ වෙතත් ඊයේ (25) මෙම ගුරුවරිය සහ කළින් ආදරය කළ බස් රථ සහයකයා හමුවීමට අම්පාර කොණ්ඩුවටුවාන පැත්තේ වෙල් යායක් අසලට පැමිණෙන බව සඳහන් කරලා.

එම ස්ථානයේදී අදාල තරුණයා විසින් මෙම තරුණියගේ ගෙල පිහියකින් කපා තමන්ට වස පානය කර තිබෙනවා. පසුව ඔහු සේවය කරන බස් රථයේ රියදුරුට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තමාගේ කළින් පෙම්වතියගේ ගෙල කපා දමා තමන්ද වස පානය කළ බවයි.

ඉක්මනින් පොලිසිය සමග එම ස්ථානයට පැමිණෙන ලෙස ඔහු බස් රථ රියදුරාට පවසා තිබෙනවා.

මියගිය තරුණිය අම්පාර සේනාගම පැත්තේ පදිංචි 27 හැවිරිදි අයෙක්. මෙම තරුණයා විසින් ගුරුවරිය වෙනුවෙන් සියලු වියපැහැදම් සිදුකර ඇති බවටද සඳහන් වනවා. කෙසේ වෙතත් වස පානය කළ තරුණයා අම්පාර ප්‍රදේශයේ රෝහලකට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S