Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත අතර සිවුවැනි එක්දින කි‍්‍රකට් තරගය පැවති ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් කී‍්‍රඩාංගණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

වාර්තාකරු සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේදී මෙම විරෝධතාවය පැවැති බවයි.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පවසමින් 50 ක පමණ පිරිසක් මෙලෙස විරෝධය පා ඇති අතර එහිදී ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන ඇති හෙයින් ශ්‍රී ලංකාව සමග කිසිඳු සම්බන්ධතාවයක් තබා නොගන්න ලෙස බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ඉල්ලන බවයි.

ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ලෙසත් ඔවුන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා. ඊළම හැර කිසිඳු විසඳුමකට දෙමළ ජනතාව එකඟ නොවන බවත් විරෝධතාකරුවන් පවසා තිබෙනවා.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසඳය විසින් මේ පිළිබඳව එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරුනු බවයි වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S