Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දුරකතන ඇමැතුමකින් පැය කිහිපයක් ඇතුළත හඳුනාගත් තරුණියකට පෙම් සුව විඳීමට ආරාධනා කර ඇය සතුව තිබූ රුපියල් 6,000ක මුදලක් සොරාගත් අනුරාධපුර ප්‍රදේශයේ අනංග කරනැවෑමියකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමැතුමකින් ඇති කරගත් ප්‍රේමයට අනුව දෙදෙනා අනුරාධපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගොස් පෙම් සුව විඳීමට කතිකා කරගෙන ඇති බවත් සැකකාර කරනැවෑමියා ඇය කැටුව යෑමට යතුරපැදියකින් අනුරාධපුර නගරයේ බස් නැවතුමකට පැමිණ තිබෙන බව පොලිසිය පැවැසුවේය.

සැකකරු ඇයට පැලඳීමට ආරක්ෂිත හිස්වැසුමක් නොමැති නිසා මිතුරකුගෙන් හිස්වැසුමක් ඉල්ලාගෙන නැවත පැමිණෙන බව පවසා ඇය අත වූ මුදල් සහිත අත්බෑගය යතුරුපැදියේ ආරක්ෂිත කුටියේ දමාගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.

පසුව සැකකාර කරනැවෑමියා ඇයගේ අත්බෑගය පරීක්ෂා කරද්දී එහි රුපියල් 6,000ක මුදලක් තිබී එය සාක්කුවේ දමාගෙන තරුණිය හමුවට නැවත පැමිණ ‘නංගි මට ඔෆිස් එකෙන් කතා කළා වැඩකට යන්න වෙලා තියෙන්නේ වෙන දවසක අපි හමුවෙමු’ කියා තරුණියගේ අත්බෑගය නැවත ලබාදී ඇයව මඟහැර ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.

තරුණිය ටික වේලාවකට පසුව බෑගය පරීක්ෂා කළ අවස්ථාවේ අත් බෑගයේ තිබූ මුදල් නොමැති වීම නිසා ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ගොස් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

එහෙත් සැකකරු කුමන ප්‍රදේශයක අයකුද යන්න නොදන්නා බව ඇය පොලිසියට පවසා ඇති අතර ලබාදී තිබූ දුරකතන ඇමැතුම් අංකයට අනුව සැකකරු සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

තරුණියගෙන් සොරකම් කළ මුදල ඇයට නැවත ලබාදෙන ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුට පවසා ඇතත් රුපියල් 6,000ක මුදලක් සොරකම් නොකළ බවත් එහි තිබී රුපියල් 1,000ක මුදලක් සොරාගත් බවත් ඔහු පොලිසියට පවසා තිබිණි. තරුණිය පොලිසියට පවසා ඇත්තේ අත් බෑගයේ රුපියල් 6,000ක මුදලක් තිබූ බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකාර කරනැවෑමියාගේ නිවෙස පරීක්ෂා කර බලද්දී සොරාගත් බවට සැකකරන රුපියල් 6,000 මුදලින් රුපියල් 5,900ක් සඟවා තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණ කරනැවෑමියා දින දහයක බිලිඳකුගේ පියකු බවත් ඔහු මීට මාස හතරකට පමණ ඉහතදී විවාහ වී ඇති බව පොලිසිය පැවැසූ අතර ආදර සම්බන්ධතාව ඇති කරගත් තරුණිය වයස අවුරුදු 25ක් පමණ වන අවිවාහක තැනැත්තියක් බවත්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S