Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසති.

මේ වන විට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු කියා සිටිති.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර ඔවුනගේ සේවය ලබාගන්නා පිරිස අතර ඉහළ පැළැන්තියේ කාන්තාවන් ද වන බව අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ.

මෙම ලිංගික පරිවර්තනයට පත් පිරිමින් කොණ්‌ඩම් භාවිතය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔවුන් හා ඔවුනගේ ගැනුම්කරුවන් එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වීමේ අවදානම තවත් ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

ඒමන්ති මාරඹේ
උපුටා ගැනීම දිවයින



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S