Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මුතූ ඉමේෂා කාලයක් තිස්සේ නිරූපණ ක්‍ෂේත්‍රයේ නමක් දිනා ගත්ත කෙනෙක්. අවුරුදු ගණනක් තිස්සේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්න මුතූට තියෙන අත්දැකීම් ටිකක් දැන ගන්නයි අපි මුතූට කතා කළේ. ඒ අත්දැකීම් හැම වෙලාවෙම සුන්දර වෙලා නෑ. මේ තමයි මුතූ අපට කියපු කතා.

මුතූට නිරූපණ ක්‍ෂේත්‍රය අලූ‍ත් වෙලා තිබුණේ මීට අවුරුදු කීයකට කලින්ද?


මම නිරූපිකාවක් වුණේ මීට අවුරුදු 12 කට කලින්. ඇත්තටම ඒක අහම්බයක්. මම ආසවෙලා හිටියේ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයට. මම රූපලාවණ්‍ය පාඨමාලාවකුත් කළා ප්‍රේමසිරි හේවාවසම් යටතේ.

එක පාරම ක්‍ෂේත්‍රය මාරුවුණේ?

දවසක් ප්‍රේමසිරි හේවාවසම් මාව මනාලියක් විදියට හැඩගන්වලා වැඩසටහනකට එක්කගෙන ගියා. එදා ඉඳලා තමයි මම නිරූපිකාවක් වුණේ. මට නිරූපණ වැඩවලට ගොඩක් ආරාධනා ලැබුණා.

අද වෙද්දී කී වතාවක් මනාලියක් විදියට හැඩ වෙලා තියෙනවා ද?


මටත් මතක නෑ. මගේ හිසේ කෙස් ගානට මනාලියක් විදියට හැඩ වෙලා ඇති.

ඇත්තටම මනාලියක් වුණ දවසේ වෙනස් හැඟීමක් දැනෙන්න ඇති ?


මම විවාහ වෙලා ඉන්නෙ. හැබැයි අපට තවම මංගල ඡායාරූපයක් ගන්න බැරිවුණා. මොකද මගෙ මහත්තයා රැකියව කරන්නේ වියට්නාමෙ. ඔහු ගොඩක් කාර්යබහුලයි. ඇත්තටම මනාලියක් විදියට හැඩවෙලා පින්තූර ගන්න මට දැන් ආසත් නෑ. මගේ මංගල ඡායාරූපයක් ගත්තත් මම කැමති,පොඩි කොණ්ඩ මෝස්තරයක් දාලා හරිම සිම්පල් විදියට ඇඳලා ඉන්න.

මුතූට යාළුවෝ ගොඩක් ඇති නේද?


යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. පිරිමි යාළුවෝ අඩුයි. ගැහැනු යාළුවො තමයි ගොඩක් ඉන්නේ. හැබැයි පිරිමි යාළුවො ආශ්‍රය කරන එක ලේසියි. ගොඩක් ගැහැනු යාළුවො මූණට පෙන්නන විදිය නෙමෙයි. ළඟ ඉන්නකොට හොඳට ඉඳලා එළියට ගියාම මොනවා කියනවද කියලා හිතා ගන්නත් බෑ.

මුතූටත් හිත රිදවපු යාළුවෝ ඉන්නවා ?


නෑ කියන්න බැහැ. මේ වගේ ක්ෂේත්‍රයක ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ කිසිම කෙනකුට මගෙ ගමනට බාධාවක් වෙන්න බැරිවුණා. ඉදිරියටත් බෑ.

ලස්සන වුණු පමණින්ම නිරූපිකාවක් වෙන්න පුළුවන් ද?


ගොඩක් අය අතර තියෙන වැරදි මතයක් තියෙනවා සුදු වුණාම, ලස්සන වුණාම නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා. ඒත් නිරූපිකාවක් වෙන්න ලස්සන වෙන්න ඕන නැහැ. මොළය තියෙන්න ඕන. එක එක තැනට ගැළපෙන නිරූපණයන් කරන එක කොළවල ලියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.

ඇඳුම වගේම සිරුරත් නිරූපණයට යොදවන්න වෙනවා නේද?


ඇඳුම ඇඳලා නිකන්ම හිටියට ඒක නිරූපණයක් වෙන්නෙ නැහැනෙ. සිරුරෙන් තමයි නිරූපණය කෙරෙන්නේ. හැබැයි මේක බොහෝ අය තේරුම් ගන්නෙ අපි ඇඟ පෙන්නනව කියල. අපට අකමැත්තක් තියෙනවා නම් ඇඟ පේන්නෙ නැති ඇඳුම් අපට තෝරගන්න පුළුවන්. එහෙම කරා කියලා කවුරුත් අපිව ෂෝ එකෙන් අයින් කරන්නෙ නැහැ. අනික ඇඟ පේන්න අඳින්නෙ නිරූපිකාවෝ විතරක් නෙමෙයිනෙ.

මුතූ ක්ෂේත්‍රයේ හොඳ නම රැකගෙන ඉන්නේ කොහොමද?


මම වැඩකරන්නේ මගේ විදියට. සමහරු හිටින්නේ මම සැරයි කියලා. ඒ මම කතා කරන විදිය නිසා. ඒකත් මට කතා නොහැදෙන්න හේතුවක් වෙන්න ඇති. මට අකැමැති අයත් ඕන තරම් ඇති. හැබැයි කවුරුත් මගෙ මූණට නම් නරක කියලා නැහැ.

අලූ‍තින් නිරූපණ ක්ෂේත්‍රයට එන අයට මුතූ සහ මුතූගෙ සමකාලීන අයට තරම් පැවැත්මක් නැත්තේ ඇයි?

අලූ‍තින් එන ගොඩක් අය හිතන්නෙ පත්තරේක කවරයක් ගියාම, ඉන්ට්වීව් දෙක තුනක් ගියාම ඒ අය ජනප්‍රියයි කියලා. එහෙම හිතලා තමන්ගෙම තැන, වටිනාකම අඩු කර ගන්නවා.

මුතූ දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවට සැමියා කැමැතිද ?


එයාට මම කරන දේවල් ගැන හොඳ තේරුමක් තියෙනවා. මම නිරූපණ කටයුතු කරනවාට එයා කැමැතියි. එයා මට කැමැති වුණේ නම් මගේ ක්ෂේත්‍රය ගැන දැනගෙන නෙමෙයි. ඒත් දැන් අපි ජීවත් වෙන්නෙ හොඳ වැටහීමකින්. මම හැම මාසෙම එයා බලන්න වියට්නාමෙ යනව. එයා පයිලට් කෙනෙක් නිසා අපට ලංකාවෙ පදිංචි වෙන්න ටිකක් අමාරුයි.

දෙන්න දෙතැනක ඉන්න එක ප්‍රශ්න හදන්නේ නැද්ද?


අපි දෙතැනක ඉන්න එක අපට ප්‍රශ්නයක් නැති වුණාට ඒ ගැන දන්න සමහර අය නම් මට එක එක කතා හැදුව පවුල් කැඩිලා කියල. ඒ වගෙ කතාවලට නම් මාව රිද්දන්න බැහැ. මොකද අපි සතුටින් ඉන්නවා කියලා දන්නෙ මමනෙ.

ඉස්සරහට මොනවාද තියෙන සැලසුම්?


මට පුළුවන් කල් මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. පස්සෙ ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

නෙලුෂා සිල්වා



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S