Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අනුරාධපුර වෙස්සගිරියේ පැවැති පොසොන් බත් දන්සලකින් ආහාර ගැනීමේදී බත් සිර වූ දරුවාට වතුර පෙවීමට ගොස් ඇති වූ ගැටුමක් හේතුවෙන් තරුණ පියකුට, ඔහුගේ බිරියට හා කුඩා දරුවාට අමානුෂික අයුරින් දන්සල් සේවකයන් පිරිසක් පහරදී තිබේ. පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

රඹුක්කන ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් වෙස්සගිරිය ආසන්නයේ බත් දන්සල පවත්වා ඇති අතර එහි අහාර ගැනීමට ගිය අවස්ථාවේ මේ සිදුවීම මුල්කර ගනිමින් බීමතින් සිටි දන්සලේ සේවා කටයුතුවල යෙදී සිටින තිස්දෙනකු පමණ පහරදීම සිදුකළ බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පොසොන් පෝ දිනයේ අනුරාධපුර වන්දනාවේ පැමිණි තරුණ යුවළක් ඇතුළු පිරිසක් වෙස්සගිරිය ප්‍රදේශයේ පැවැති බත් දන්සලෙන් ආහාර ලබා ගැනීමට ගොස් ඇති බවත් ඔවුන් සමඟ සිටි වයස අවුරුදු හතරක පමණ දරුවා බත් කමින් සිටියදී බත් පිට උගුරේ යෑම නිසා දරුවාගේ මව ඔහුට ජලය ලබාදීම සඳහා දන්සලෙන් පිටතට ගොස් සිටියදී දන්සලේදී බත්කමින් සිටි පියා දරුවා අපහසුවෙන් සිටින අයුරු දැක බත් පිඟානද රැගෙන එම ස්ථානයට ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

බත් පිඟාන රැගෙන පිටතට නොයන ලෙස දන්සල් සේවකයන් ඔහුට දන්වා ඇති අතර දරුවා අපහසුවෙන් සිටි නිසා එම ස්ථානයට ගිය පියා වටකරගත් දන්සල පවත්වපු අය ඔහුට ඉතා අමානුෂික ලෙස අතින් පයින් පහරදී තිබේ. පහර කෑමට මැදිවූ දරුවාගේ මුහුණේ තැළුම් තුවාල සිදුවී ඇති අතර දරුවාගේ පියාගේ හිස අත්පාවලට පහරදීම නිසා බරපතළ තුවාල සිදුවූ බවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දන්සල් සේවකයන්ගෙන් පහර කෑමට ලක්වූ දරුවාගේ පියා තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවැසුවේය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය ‍‍
උපුටා ගැනීම මව්බිම පත්තරෙන්



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S