Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි කිෂානි අලංකි පෙරේරා වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය වී ඇත්තේ ටෙලි සහ සිනමා නිළියක ලෙසයි. කිෂානි පිළිබඳව නිතර රසික අවධානය යොමුවන නිසාම මෙවර අපි කිෂානි සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.
විවේකීව ඉන්න කොට කිෂානි කරන්නේ?

පොත් කියවනවා. රූපවාහිනිය නරඹනවා. ඊට අමතරව යාළුවොත් එක්ක සාප්පු සවාරියේ යනවා.

මෑතකදී කියවපු පොත් අතරින් සිත් ගත් පොතක් ගැන කියනවා නම්?


A Thousand Splendid Suns කියන පොත

කන්න කැමති කෑමක් තියෙනවාද?


ඔව්. මම ගොඩක් කැමතියි තායි, චයිනිස් ඉතාලි වගේ කෑමවලට. තෙල් ජාති කෑමවලටත් මම ගොඩාක් කැමතියි.

අදින්න කැමති ඇඳුමක් තියෙනවාද?


මේ දවස්වල නම් ගොඩක්ම මම කැමති සාරි අඳින්න. මොකද zරාධාZ කියලා මගේම කියලා සාරි ෂොප් එකක් පටන් ගත්තා. බොරැල්ලේ ටිකල් පාරේ.

යාළුවෝ එක්ක ඇවිදින්න කැමති තැන්?


ලංකාවේ නම් නුවර තමයි මම යන්න කැමති.

විදේශීය සංචාරයක් තෝර ගන්නවා නම්?


දැනට මම රටවල් 20කට අධික ප්‍රමාණයක් සංචාරය කරලා තියෙනවා. ඒ අතරින් මම කිහිප වතාවක් ඉතාලියේ සංචාරය කරලා තියෙනවා. මීට අවුරුදු 10කට විතර කලින් තමයි මම ඉතාලියට පළමු පාරට ගියේ.

මෑතකදී බලපු චිත්‍රපටය?


The Devils Double චිත්‍රපටය

කැමති නිළිය?

දිපීකා පදුකෝන්ට මම ගොඩක් කැමතියි. ඇයගේ රූපයට වගේම රංගන හැකියාවටත් මම ගොඩක් ආසයි. බොලිවුඩ්වල අද ගොඩක් අලූ‍ත් අය ඉන්නවා. නමුත්, දිපීකාගේ රංගනයට අභියෝගයක් එල්ල කරන්න තරම් කෙනෙක් මම දකින්නෙ නැහැ. ඇය මෑත කාලයේ රඟපෑ සියලූ‍ම චිත්‍රපට මම බලලා තියෙනවා. ඒ හැම එකකම ඇයගේ රංගනය ඉතා උසස් මට්ටමක තියෙනවා.

නළුවෙක්?

ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් ෂාරුක් ඛාන්ට මම කැමතියි.

ක්‍රීඩා තරග නරඹන්න කැමති නැද්ද?

කැමතියි. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන තරග මම නරඹනවා. කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන්ට මම ගොඩක් කැමතියි.

වරමක් ලැබුණොත්?

මට හොඳ සැමියෙක් ලැඛෙන්න කියලා.

කිෂානිගේ මුහුණ බලපු හැමෝම කියන්නේ?


මගේ ඇස් දෙක ලස්සනයි කියලා.

ලංකාවේ වර්තමාන දේශපාලනය සම්බන්ධව කතා කරනවා නම්?


මට දැනෙන දෙයක් තමයි පසුගිය කාලයට වඩා අද මාධ්‍ය නිදහස කියන දේ වැඩිපුර දීලා තියෙනවා කියලා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S