Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයා භාවිත කළ බවට චෝදනා කළ හිමිකරුවෙකු නොමැති ඩිෆෙන්ඩර් රථය තමන්ට අයත් බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් කියා සිටියේ තම නිල නිවස ඉදිරිපිට නවතා තිබූ මෙම ඩිෆෙන්ඩරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවයි.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ හිමිකරුවෙකු නොමැතිව නතර කර තිබූ ඩිෆෙන්ඩර් රථය, තම අමාත්‍යාංශයට අයත් බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු  කියා සිටියා.

එම ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් අද දිනයේ ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා.

මීට අදාළ චෝදනාව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයාට ඊයේ එල්ලකළේ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකයි.

පසුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලූත්ගමගේ අතර මේ පිළිබඳව උණුසුම් කතාබහක්ද ඇතිවුණා.

එහිදී පහරදීමක් සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ අතපය විසි කිරීමෙන් වැඩි හානියක් සිදු නොවූ බවද ප්‍රකාශ කරමින්.

මේ අතර තමන්ට අසත්‍ය චෝදනා එල්ල කළ බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගෙන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ ගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි මුදලක් ඉල්ලා අද එන්තරවාසියක් යවා තිබුණා.

කෙසේ වෙතත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. හාරිස්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත්, තමන් භාවිතා කරන රථයක් බවයි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවද ඔහු කියා සිටියා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S