Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බේරගන්න අයියා.. මාව හිර කරගෙන ඉන්නේ...

මහනුවර - කලුගලතැන්න - තැරැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තම දියණිය පසුගිය සඳුදා සිට අතුරුදන්වී ඇති බව ඇයගේ මව්පියන් පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙය පැහැරගැනීමක්ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා කියලයි.
නිරෝෂා දිල්රුක්ෂි නමැති 22 හැවිරිදි මෙම තරුණිය පසුගිය සඳුදා නිවසින් පිටව ගොස් ඇත්තේ මහනුවර නගරයේ පැවති බාහිර උපාධි පාඨමාලාවකට අදාල උපකාරක පංතියකට සහභාගී වීම සඳහායි.

එහෙත් එදින සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබුණේ නෑ කියලයි දිල්රුක්ෂිගේ මව කියන්නේ.

මේ තරුණිය නිවස ආසන්නයෙන් මහනුවර නගරයට පැමිණීම සඳහා නැගුණු බස් රථයේ රියදුරාගෙන් කොන්දොස්තරවරයාගෙන්ද පොලිසිය මේ වෙනකොටත් ප්‍රකාශ සටහන් කරගෙන.

ඔවුන් දෙදෙනා පොලිසියට කියලා තියෙන්නේ එදින පැවති අධික රථවාහන තදබදය නිසා බස් රථයේ සිටි සියලුම මගීන් මහනුවර රෝහල අසලින් බැස ගියා කියලයි.

තරුණිය විවාහ වීම සිටින තරුණයාගේ ජංගම දුරකථනයට ඇය විසින් ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඇය ඔහුට ප්‍රකාශ කර තිබෙන්නේ තමන් කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන සිරකරගෙන සිටින බවයි.

ඇය ලබාදුන් දුරකථන පණිවුඩයට අදාල සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S