Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ වසරේ රයිගම් ටෙලීස් ජනප්‍රියම රංගන ශිල්පිනිය කියු සැනින් ඔබ ඇයව හඳුනා ගන්නා බව නොඅනුමානයි.. රංගනයෙන් හැර වැඩි පුර මාධ්‍ය වලින් දකින්නට නොලැබුණත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් නැති පාටයි.. ඉතින් මේ ගැන තවත් විස්තර කතා බහ කරන්නට මෙවර පිළිසඳරට ආරාධනා කළේ ඇයටයි. මේ ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා යි.
මෙවරත් ජනප්‍රිය නිළිය වෙන්න වාසනාව ලැබුණා එහෙනම්?

ඔව්. මේ සම්මානය ලැබුණු දෙවැනි පාර.

එකම දේ දෙතුන් පාර ලැබෙන කොට අගය අඩු වෙනවාලූ ?


ගිය වසරේ මට ඒ සම්මානය ලැබුණේ සුමති සම්මාන උළෙලේදී. මේ වසරේ ජනප්‍රියම නිළිය වුණේ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී. ඒ නිසා ඒ දැනෙන සතුටේ කිසිම අඩුවක් නැහැ. අවුරුද්දක් ගියත් ජනප්‍රියත්වය වෙනස් වෙලා නැහැ කියන හැඟීම නිසා දැනෙන සතුට තවත් වැඩියි.

ජනප්‍රියත්වය රැක ගැනීමත් ලේසි වැඩක් නෙමෙයි?


කවදත් මගේ ජනප්‍රියත්වය රැක ගන්න, බලෙන් ජනප්‍රිය වෙන්න උත්සහ කරලා නැහැ. මම දැන් මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 8ක් වෙනවා. වසර 7කට පසුවයි ජනප්‍රියතම රංගන ශිල්පිනිය වුණේ. මගේ ටාර්ගට් එක ජනප්‍රිය ශිල්පිනිය වීම ම නෙවෙයි.

නමුත් ජනප්‍රිය නිළිය වෙන්න තිරය පසු පස තියෙන්නේ ලොකු තරගයක්?


මම හිතන්නේ ජනප්‍රිය සම්මානයට පොර කන්නේ දක්ෂතාව අඩු අය. දක්ෂතාව තියෙන කෙනා ජනප්‍රිය වෙන්නම ඕනේ නැහැ. ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන්. මුදල් වියදම් කරගෙන sms යවා ගෙන මේ සම්මානය ගන්න කිසිම වුවමනාවක් මට නැහැ. සල්ලි දීලා සම්මාන ගන්න තරම් මම සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. අනික සල්ලි දීලා සම්මාන ගන්නවට වඩා ඒ මුදල් මට වෙන දෙයකට වැය කරන්න පුළුවන්. මගේ ටාර්ගට් එක හොඳම නිළිය වෙන්නයි. ඒ සම්මානය තමන්ගේ දක්ෂතාව පෙන්වලා මිසක් මුදල් දීලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

නමුත් මේ සම්මානය පිටුපස නිරන්තරයෙන් එන විවේචන වලින් ගැලවෙන්න ඔබටත් බැරි වෙයි?


අපි නැති තැන කියන දේවල් මිනිස්සු මුණට කියන්නේ නැහැ නේ. ඒ නිසා නැති තැන කතා කරන කිසිම දේකට මම ප්‍ර‍තිචාර දක්වන්න යන්නේ නැහැ. හිතට එකඟ කෙනෙක් නම් මුණට ඇවිත් අහයි. එහෙම ඇහුවොත් උත්තර දෙනවා මිසක්තමන්ට ලබා ගන්න බැරි වුණු නිසා වටෙන් ගොඩින් කතා කරන අයට මම ප්‍ර‍තිචාර දක්වන්නේ නැහැ.

ඔබේ ටාර්ගට් එකට තවම යන්න බැරි වීම ගැන දුකක් නැද්ද?


කිසිම කලකිරීමක් නැහැ. මගේ රංගනය පරිණත වෙච්ච දවසක මට ඒ සම්මානය ලැබුණාම ඇති. හැබැයි ඒ වෙනුවෙන් මට තව ගොඩක් දුර යන්න තියෙනවා.

ඒ සම්මානය සුදුසු චරිතාංග නිළියකට කියලයි බොහෝ දෙනාගේ අදහස?


ඔව්. සහතික ඇත්ත. මම චරිතාංග නිළියක් නෙමෙයි. ඒකත් ඇත්ත. එය තවම මට දුර වැඩියි. මට මෙතෙක් ලැබුණේ සීමිත චරිත ප්‍ර‍මාණයක්. නමුත් ඒ අතරේ අන් අයට නොලැබුණු වෙනස් යමක් කරන්න පුළුවන් චරිත කිහිපයකුත් මට ලැබි තියෙනවා. ඒ චරිත ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්.

හොඳයි. මේ දවස් වල ශලනිගේ තොරතුරු ටිකකුත් කියමු?


‘වස්සානේ ප්‍රේමය‘ ෂූටින් කරගෙන යනවා. තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. පසු ගිය දවස් වල මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණයක වැඩ කටයුතුත් ඉවර කළා.

ශලනි දාගෙන තිබුණු මෙගා තහංචිය දැන් ඉවත් කළාද?


මෙගා තහංචිය නම් වෙනස් වුණේ නැහැ. නමුත් ‘වස්සානේ ප්‍රේමය‘ කියන්නේ හිතපු නැති විදිහට මෙගා වෙච්ච නාට්‍යයක්. මීට කලිනුත් සංජය නිර්මාල්, ප්‍ර‍භාත් රෝෂන් යන මහත්වරුන් ගේ ගුණාත්මක නිර්මාණවලට මම දායක වෙලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසය උඩ මගේ ප්‍ර‍තිපත්තිය ටිකකින් පැත්තකට තියලා ඔවුන්ගේ ඉල්ලීමට කැමැති වුණා..

මාධ්‍ය සමඟ ඔබේ ගනු දෙනු තරමක් අඩුයි ?


මම කොහොමත් කතා බහා ටිකක් අඩු කෙනෙක්. ඉක්මනින් සුහද වෙන කෙනෙකුත් නෙමෙයි. නමුත් මා සමඟ කතා බහ කරන හැම කෙනෙක් එක්කම සුහදව කතා කරනවා. අනෙක නිතරම පත්තරවල ටී.වි. එකේ පෙනී ඉඳලා අනවශ්‍ය විදිහට ජනප්‍රිය වෙන්නත් මගේ එතරම්ම කැමැත්තක් නැහැ. ඒ මගේ හැටි. නැතුව මාධ්‍යයේ හෝ වෙනත් කා සමඟවත් තියෙන අමනාපයක් නිසා එහෙම නෙමෙයි.

ටානියා මෝසස්



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S